Skip to main content

ඒ දවස් වල දවසක් .....






මම තද නින්දේය..එහෙත් මොහොතක් පමණි..කනට ටකරමකින් ගසන්නාක් මෙන් හඬකින් මා උඩ ගොස් බිම වැටුනේcartoon එකක පරිද්දෙනි...අයියෝ මල කරුමයකි..alarm එක කන පැලෙන්න වදී..9 වසරේ පුංචි කොලු ගැටයන් වූ අපිට එකල දැන් 6 වසරේ කොලු බට්ටන්ට මෙන්  android mobile 4n තිබුනේ නැත..හද්ද පරණ ඔරලෝසුවේ හඬට මා පමණක් නොව එහා ගෙදර ගැහැණු ළමයද ගැස්සී ඇහැරෙනු නිසැකය..අම්මා "නැගිටලා තේ එක බීපන් " යි බෙරිහන් දෙන හඬද අතින් අසෙය්...නිදිමතේ ඇඳෙන් බහින මම දිව ගොස් මුණ සෝදාගෙන,කා බී වහාම පාසල් යන්නට සුදානම් වෙන්නේ පන්තිභාර මිස් කොන්ඩේ මැදින් බෙදා එනාවා,වවාගෙන එනවා යි කියා දෙමාපිය රැස්වීමේදී චෝදනා කිරීම නිසා පියාගෙන් උදේ පාන්දරම සොඳුරු වදන් කීපයක් ඇසීමත් සමගය..එහෙත් ඒවා ඇසීම උදේ කෑම ගැනීම මෙන් සාමාන්‍ය වූ නිසා ගානකටවත් නොගෙන මම පාරට බැස්සෙමි..
පාසැල පටන් ගන්නේ 8 ට ය.තවමත් වෙලාව යන්තම් 6 පසු උනා පමණි..ශාන් බඩා ගෙවල් ළඟ හිටි කලයේනම් උගේ කාමරයේ වහලයට ගලක්වත් ගසා යාම පුරුද්දය්..දැන් උත් මෙහෙන් ගොසිනි.....හ්ම්ම්ම්..කියා පාර අසල ඇති ගෙයකින් ලස්සන ගැහැණු ළමයෙක්වත් පාසල් යාමට එලියට බසීවී යන සිතුවිල්ලෙන් ගමන් ඇරඹුවෙමි..ඇත්තම කිවොත් ලස්සන කැබැල්ල කපා හැරීමට සිදු වෙයි..දිලින හා මා සැමවිට පවසන අයුරෙන් ගෙවල් ළඟ තියා මේ හතර මායිමකම ලස්සන කෙල්ලෙක් නැත...ඉතින් කවුරුන් හෝ ස්ත්‍රී වර්ගයෙන් එලියට බසී යන සිතුවිල්ලෙන් ගමන අරඹ කරෙමි..එහෙත් කවුරුත් නැත..තවත් හීනයක් පමණි..කම්මැලිකමේ බස් හෝල්ට් එකට එන විට දිලිනයාද දුවගෙන එයි..බස් එක අනිවා කට කපා පිරී ඇත...foot board එකේ එල්ලුන පසු අන්ජුලයද ඇතුලේ  සිට අත වනයි... එහෙමත් නැත්නම් වෙදා(යසුරයා) සෙට් වෙය් ..හෝමාගම දී බසයට නැගීමට පෙර තව මොකුන් හෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙට් වෙය්..
කස්ටියම 138 හි නැගී පාසලට එන විට යන්තම් වෙලාව 7 පහු වනා පමණි..පාසල ඇතුලට යන විට මා බසයෙහි හොරෙන් ඇවිත් ඉතුරු කරගත් රුපියල් 7 දිලිනයාට පෙන්නද්දීඋත් සිනාසී සාක්කුවට ඇත දමා රුපියල් 7ක් එලියට ගෙන මට පෙන්නයි..දෙදෙනාම පට්ට හොරුය..කවදාවත් මාට්ටු උන බවක් මතකයේ නම් නැත..පිට්ටනිය පසු කරන විට ශ්‍රී නුවන්,චරිත්,තුයියා,යසන්තයා,අරෝශයා පමණක් නොව cricket තියා ටීක් බෝලවත් ගහන්නේ නැති  අපේ blacka (ඩේවිඩ්)  ද පිට්ටනියේය.. මමත් පන්තියට යන අදහස අත්හැර පිට්ටනියට බසින්නට හිතුවත් නැවත බෑ කියා සිතෙය්..දිලිනයා කිවා මෙන් ඔබ නැතිව ඉන්න බැරි තරමට”  සීන් එකක් පන්තියේ සහ මගේ හිතේ  සිටියේය..ඉතින් එකත් බලා සුවඳ විද එන අදහසින් පන්තියට ගොස් බෑග් එක විසි කරනැතිව ඉන්නට පුළුවන් වන තරමට සුවඳ විද බලා(සුවඳ විද බැලීම යනු ඈත සිට බැලීම පමණක් බව කරුණාවෙන් සලකන්න..)පිට්ටනියට එන්නේ යාදවයා හෝ පන්තියට එනකොටම එන වීරේ හා කොදා වද එක්කගෙනය.
ඉන්පසු ආරම්භ වන්නේ මහා කිරිකොස් තරංගයි...ඒ 9 බී සහ 9 ඩී පන්ති අතරෙයි...9 එෆ් එකත් සමහර දවසට සෙට් වෙය්(නැත්නම් පොඩි උන් ටිකක් සොයාගෙන උන් මඩවයි..)..ඉෂාන් 6 ඒවා පලය්...මඩයා මඩ කාගෙන දුව විත් පන්දු යවය්...මෙහෙන් ශ්‍රීනා ,චරියා 6 ඒවා පලය්..යසන්තයා යෝදයා වගේ මුළු ශක්තියම යොදා ඩොටේ 6 ඒවා ගසය්...භාග්‍ය කාරයා දුව විත් හින් පන්දුව දමා ගැසී...අරෝශයා පුළුවන් උපරිම දඟ කවා පන්දුව දමලාම නෙලය්...මාත් ඉතින් ඉඳ හිට6 පාරක් ගසා,කඩුල්ලකුත් ගනී...ඔය අතරේ ඉරේෂා,දේශානි,නිමාෂා  සහ පන්තියේ අනිත් කෙල්ලන් පිට්ටනිය අසලින් ගමන් කරය්...එවිටම වාගේ ශ්‍රී නුවාන්..... ,චරිත්...... ,චමිදු...... යි කෑගැසීම් ලෝකයක් අසෙය්...කෑගැසීම් එක් කොනකින් පටන් ගෙන පිට්ටනිය පුරා ශබ්දය වැඩි වෙමින් මුවෙන් මුව එකතු වෙමින්  පැතිර යන්නේ  පාසල් සම්ප්‍රදායක් මෙනි..
එහෙත් එක වරම පාසලේ සීනුව නද දෙනු අසෙය්..කිසිවකුට ගානක්වත් නැත..සෙල්ලම දිගටම කෙරෙය්...දෙවන සීනුවද නද දෙය..එවිටම ශිෂ්‍ය නායක හැතිකරය පැමිණේ...වෙනුර අයියා  ද,භාෂිත අයියා ද අනිත් උන් ද (එකල නම් මුන් හැමෝම එකම ජාතියේ එපා කරපු උන්ය...) ඇවිත් අපව එලවන තෙක් අපි නම් හෙලවෙන්නේ වත් නැත...ටැප් එක ලඟට කෙලින්ම ගොස් රැස්වීමට යි...එතන සීටීම තරම් එපා කර දේවල් ඇත්තේ තව එකක් හෝ 2ක් පමණි...රැස්වීමේ කතා අසා කොන්ඩේ හංගාගෙන, shirt එකේ බැගී යට කරගෙන ශිෂ්‍ය නායකිනට අහු නොවී පංතියට එන තෙක්  ඉවසුමක් නැත..අහුවෙන උන් හැමදාම ඇහුවේ(මේ අපි වගේ)..එතනත් කට්ටක් කා ශිෂ්‍ය නායකයන්ට chater වී ජාමේ බේරාගෙන පන්තියට වෙලාවට පැමිණිය යුතුය..කෙසේ හෝ එකත් කර පන්තියට එනනේ ගණිතය ගෙදර වැඩ ටික copy කිරීමේ අදහසිනි...එක නොකරොත් හේමලතා මිස් ගෙන් කනෙන් අල්ලාගෙන කුණු බැනුම්ය..chater වීම් ගොඩක්ය...අනිත් මිස් ලා නම් අපි ගණන් ගන්නෙවත් නැත ...ගෙදර වැඩත් කරන්නේ නැත...අපගේ භීතිකාව ගණන් පමණි....
විද්‍යාව මිස් පරීක්ෂණයකට ගේන්නට කියූ අරෝශයා ගෙනා රා බෝතලය අන්තිම periode එකේ මිස් එන විට අවසන් වී ඇත...වැඩේ අතේ මට්ටුය..හැමෝම එහි රස බැලීමට මුඩියෙන් 1ක් බැගින් පානය කර ඇත..බෝතලයම ඉවර වීමට කී දනෙකු නම් පානය කරන්නට ඇත්දඉන්ගිරිසි වෙලාවේ මිස් නැති නිසා සෙල්ලම් කරනට ගොස් පිට්ටනියේ වතුර බටයක් කඩා ගාමිනියට මට්ටුය..සිරිපාල සර්ව යන්තම් කොදාගේ පිහිටෙන් shape කරගත්තේය..හිටිවන කවි වලින් මිස් කෙනෙක් හා දුවෙක් ගැන කියා මට්ටු උනේද අපිමය..පන්තියම ලේනියා සහ හාමුදුරුවන් ළඟය..කෑවේ දඩ පයිප්ප කැබල්ලකිනි..අපි පාරවල් 3 බැගින් කන විට ගැහැණු ලමය් ටිකත් එකෙන්ම හොඳ පාර බැගින් කෑවේය..පෙර කල කරුමයකට ඒ දවස් වල මන් පන්ති නායකයා උන බැවින්(නායකකමේ හැටි හිතාගත හැකිය) අතිරේක පහරවල් 2ක්ද ලැබුනේය..කෙසේ වෙතත් කිසිවකු කට ඇරියේ නම් නැත.ගැහැණු ළමයද එසේමය..කිසිම පාවාදීමක් නැතුව අපි අපේ පංගුව බෙදාගත්තේය..ටික දිනකින් පැවැත්තු පොත් වෙලන්දසලෙන් පොතක් උස්සා මට්ටු වුයේද අපේම එකෙකි..පොත හැන්ගුවේ බුදු පිළිමය යටය..පසුව cupboard එක යටය..වැරදි කරුවන් සොයා ආ  කඩේ අය්තිකරුවන් පන්තිය checkකිරීමට ගොස් තව පොඩ්ඩෙන් නැවත යන්නේ  ශෂික යාගෙන් හොඳ කනේ පාරක් කෑමෙන් පසුය..තවත් කිව හැකි නොහැකි කතා රැසක් සිදු විය..ඒවා දන්නෝ දනිති..දැන් කියවන විට  මතක් වනවාද නිසැකය..ඒ කාලයේ හිටිවන(කුණුහරුප) කවි රැල්ල ඉහලටම නැග තිබුණි..අරෝශය,ශෂිකයා,ඩේවිඩ් ඒ  පිළිබඳව නිපුණයෝ වුහ..clip ගැසීමද සුපුරුදු අංගයක් විය.. පන්තියේ හිස් වෙලාවක් තිබුනේ නම් එක්කෝ පිට්ටනියේය..නැත්නම් හිටිවන කවි තරඟයක් පන්තියේ මොන කොනකින් හෝ ඇසෙන්නට විය..එකල 9 බී section එකම රජ කල කාලය විය..සෑමදාම රැස්වීමේ 9 බී ගැන විශේෂ අවවාද විය..සෑම සතියට වරක්ම එක්කෝ හාමුදුරුවන් හෝ ලේනියා ලඟට යාම පුරුද්දක් විය..
කාලය එසේ ගතවෙයි.පාසැල නිම වී දිලිනයා හා මා බසයට නගින්නේ තව තව රාජකාරි අවසන් කොට තවත් වරුවක් පමණ බස් ‍හෝල්ට් එකේද වැඩ සිටය..ඒ රාජකාරි කාලයෙන් කාලයට වෙනස් වූ ඒවාය..දිලිනයාට දෑවැද්දට ලැබීමට තිබු පරණ කාර් කට්ට බැලීම ඉන් එකකි..මටත් එක එක කාලයට බැලීමට දේවල් තිබිණි..එක කාලයක ඉක්මනින්ම හෝමාගමට යන්නට ඕනා වූ ලෙඩක් විය..තවත් වරක සැහෙන්න කාලයක් බස් හෝල්ට් එකේ සිටීමට අවශ්‍ය වූ ලෙඩක් විය...ඔය මොන ලෙඩේ තිබුනත් බස් හල්ට් එකේදී කෙසේ හෝ හෝමාගමට හෝ පහු කර යන තවත් කවුරුන් හෝ සෙට් වෙයි..හෝමාගමින් බැස ආච්චි කෙනෙක් සිටිනා 128 හෝල්ට් එක ළඟ කඩයට ගොඩ වන්නේ රුපියල් 10 බැගින් දමා පෝටෙලෝ එකක් බීමේ අදහසිනි...එහෙත් කඩයට ගොඩවීමේ පළමු අරමුණ වුයේ කඩෙන් ස්මර්ටිඑස් එකක් හෝ චොක්ලටේ එකක් ඉස්සේමය..නැත්නම් අතට අහුවෙන ඕනෑම දෙයක් ඉස්සීමය..ඉඳ හිට දිනයකට වැඩේ සාර්ථක වෙයි..වරක් ස්මර්ටිඑස් පැකට් එකක් ඉස්සෙමට ගොස් වැල පිටින්ම ස්මර්ටිඑස් පැකට් 10ක් පමණ ඇදී ආ හැටි තවමත් ඒ වාගේම මතකය...ඒ කෙසේ වෙතත්  එතරම් සොඳුරු කාලයක්,අත්දැකීම් ගොන්නක් විඳින්නට ලැබුණු එකේ අගය අපට තේරෙන්නේ දැන්ය.ඒ කාලයේ වටිනාකම සතුට,නිදහස,දාන්ගලය මතක් වන විට සිත තවත් ප්‍රීතියෙන් උතුරා යයි.එය කෙදිනකවත් අපිට අමතක නොවනවා නිසැකය...
අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ මේ කතාවේ 9B පමණක් නොව  8,9,10,11 වසර  mix වී ඇති බවය..ලියනවානම් හැම වසරටම එක කතාව බැගින් ලිවීමට තරම් සොඳුරු මතක රෑනක්ම ඇත..එහෙත් කාලය...එම නිසා කාලයන් පිළිබඳව වැරදි ඇත්නම් ඒවා නොසලකා හරින මෙන් කරුණාවෙන් දැනුම් දෙමි...මතකයන් මතකයන්මය. එම නිසා මට ඒ පිළිබඳව සමාව ලබාදෙනු මැනවි...

ලිව්වේ ------PraVeeN=CreAtiVe ARtiST=
(http://dharmapalamemories.blogspot.ca හි පල කිරීම සඳහා විශේෂයෙන්ම ලියන ලදී..)




Comments

Follow CA on Twitter

#CA Praveen

Popular posts from this blog

To dear Sri Lankan Fans

( Written to SLCF Blogs - http://www.slcricketfans.com/showthread.php?tid=2064&pid=137824#pid137824 ) My Fellow Sri Lankan Fans, I know it is a hard time for you as a fan to be more patient about cricket or the players or the administration of Sri Lanka. I am a Sri Lankan fan too; A hardcore one at that. Also, just like you, I am disappointed by how poorly Sri Lanka played in 2017; In fact about how poor Sri Lanka was in the period following 2015 World Cup or even from Sri Lanka's momentous tour of England in 2014. It is not a secret that 2015 World Cup wasn't the happiest of memories for Sri Lankan fans because two of the country's most respected cricketers retired after that tournament; Kumar Sangakkara and Mahela Jayawardena. The other powerhouse in Thilakaratne Dilshan followed the path soon after. Hence, it was already a gloomy time for Sri Lankan fans. However, since then the things had only gone chaos. Remember when Rohit Sharma smashed 264 against Sri ...

47 off 71 | How to begin a Test match inning | Career | Pro camera (Head...

Suranga Lakmal’s journey from Ordinary to Extraordinary

November 23, 2017  at 8:09 pm   Praveen CA   Articles   0 Sri Lanka found lacking in a new Territory At   Eden   Gardens ,  Suranga   Lakmal   tormented   World's   batting   lineup   like   a   Boss   and   proved   that he   is   ready  to  become   Sri   Lanka's   bowling   spearhead . Suranga Lakmal is a 30-year-old from a rural village of Hambanthota, a city in the southern part of Sri Lanka. He is 6 foot 2'' which is ''tall'' for  Sri  Lankan fast bowler. And like most other fast bowlers from the island, he is thin and injury prone. If you had never seen him before, ''T-Bag'' from the famous TV series ''Prison Break'', except for height, would have described him the best. Lakmal, like all the Sri Lankan fast bowling greats, is a laidback and quiet character with or without the cherry in his hand. Also, like all of them i...