මම තද නින්දේය..එහෙත් මොහොතක් පමණි..කනට ටකරමකින් ගසන්නාක් මෙන් හඬකින් මා උඩ ගොස් බිම වැටුනේ cartoon එකක පරිද්දෙනි...අයියෝ මල කරුමයකි.. alarm එක කන පැලෙන්න වදී.. 9 වසරේ පුංචි කොලු ගැටයන් වූ අපිට එකල දැන් 6 වසරේ කොලු බට්ටන්ට මෙන් android mobile 4n තිබුනේ නැත..හද්ද පරණ ඔරලෝසුවේ හඬට මා පමණක් නොව එහා ගෙදර ගැහැණු ළමයද ගැස්සී ඇහැරෙනු නිසැකය..අම්මා "නැගිටලා තේ එක බීපන් " යි බෙරිහන් දෙන හඬද අතින් අසෙය්...නිදිමතේ ඇඳෙන් බහින මම දිව ගොස් මුණ සෝදාගෙන , කා බී වහාම පාසල් යන්නට සුදානම් වෙන්නේ පන්තිභාර මිස් කොන්ඩේ මැදින් බෙදා එනාවා , වවාගෙන එනවා යි කියා දෙමාපිය රැස්වීමේදී චෝදනා කිරීම නිසා පියාගෙන් උදේ පාන්දරම සොඳුරු වදන් කීපයක් ඇසීමත් සමගය..එහෙත් ඒවා ඇසීම උදේ කෑම ගැනීම මෙන් සාමාන්‍ය වූ නිසා ගානකටවත් නොගෙන මම පාරට බැස්සෙමි.. පාසැල පටන් ගන්නේ 8 ට ය.තවමත් වෙලාව යන්තම් 6 පසු උනා පමණි..ශාන් බඩා ගෙවල් ළඟ හිටි කලයේනම් උගේ කාමරයේ වහලයට ගලක්වත් ගසා යාම පුරුද්දය්..දැන් උත් මෙහෙන් ගොසිනි.....හ්ම්ම්ම්..කියා පාර අසල ඇති ගෙයකින් ලස්සන ...
CreAtiVe ARtiST ගේ Life පුස්තකාලය (සොඳුරු මතක හා සිතුවිලි)